23 C
Colombo
Sunday, February 16, 2025

කුම්භ මේලා උත්සවය ඇරඹේ

- Advertisement -

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා.

සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී මෙම උත්සවය පැවැත්වෙනවා.

අද සිට ඉදිරි සති හයක කාලය තුළ ඉන්දියානු බැතිමතුන්, ගංගා, යමුනා සහ පුරාවෘත්තයේ සඳහන් වන සරස්වතී ගංගාවන් එක්වන ‘සංගම්’ නමැති ස්ථානයේ ස්නානය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හින්දු බැතිමතුන් මෙසේ ස්නානය කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ, තමන්ගේ පව් සේදී පවිත්‍ර වීම සහ ඉපදීම, මරණය යන චක්‍රයෙන් මිදුණ ‘මෝක්ෂය’ ළගා කර ගත හැකි බව යි.

දින 45ක් පුරා පැවැත්වෙන මෙම උත්සවයට මිලියන 400ක් පමණ බැතිමතුන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියානු බලධාරීන් සඳහන් කර ඇත්තේ, අද දහවල් වන විට මිලියන 10ක ජනතාවක් ස්නානය කර ඇති බව ත් හෙට (ජන. 14) වනවිට මිලියන 20ක ඉක්මවනු වන්දනාකරුවන් සංඛ්‍යාවක් මෙසේ ‘සංගම්හි’ ස්නානය කරනු ඇතැයි අපේක්ෂා කරන බව ත් ය.

වන්දනාකරුවන්ට සහ සංචාරකයින්ට නවාතැන් ගැනීම සඳහා ගං ඉවුරේ හෙක්ටයාර 4,000 කට වඩා වැඩි භූමි ප්‍රමාණයකින් යුත් විශාල කූඩාරම් නගරයක් පිහිටුවා ඇති අතර එහි සෞඛ්‍ය සේවා සහ වැසිකිළි පහසුකම් සලසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම උත්සවය සඳහා පොලිස් නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් ඇතුළුව නිලධාරීන් 100,000කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත වන බවයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES