කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වූ බව ඊයේ වාර්තාවුවද, ජනාධිපතිවරයාට සහ වත්මන් පාලනයට එරෙහි උද්ඝෝෂණ දිවයින පුරා අද (04) පෙරවරුවෙත් පැවැත්වෙනවා.
මේ අතර බත්තරමුල්ල දියත උයනේ අද පෙරවරුවේ පැවැත්වූ විරෝධතාවයකට පසුගිය සමයේ තරුණ්‍යයේ ජනප්‍රියත්වයට පත් ‘කූඹියෝ’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න සහ එහි ප්‍රධාන නළුවා වූ තුමිදු දොඩන්තැන්නද එක්ව සිටිනු දක්නට ලැබුණා.
එමෙන්ම එම විරෝධතාවය සඳහා සේවියර් කනිෂ්ක, මනෝජා ප්‍රනාන්දු ඇතුළු විශාල කලාකරුවන් පිරිසක් සහභාගි වී සිටියා.
ඡායාරූප අයිතිය – කසුන් පුස්සෙවෙල