24 C
Colombo
Monday, December 5, 2022

කුරුණෑගල ගමක් හුදෙකළා කෙරේ

- Advertisement -

කුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අතර පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රටතුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක් ඇතිවී තිබෙන බැවින් එය පාලනය කිරීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (21) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්වී තිබෙනවා.

මෙහිදී,
• දැඩි සත්කාර ඒකක වල ඇදන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.
• දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීම.
• කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම.
• ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.
• කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සදහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම.
• PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 ක් දක්වා වැඩි කිරීම.
• නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම.
• විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම.
යන කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

0
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

0
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ...

පොළොන්නරුවට නොමිලේ කොන්ඩම්

0
පොළොන්නරුව ආශ්‍රිත ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත කරන කවුළු හරහා මසකට උපත් පාලන කොපු 50000ක් නොමිලේ නිකුත් කිරීමට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan arrested in Australia for killing his wife

0
A 45-year-old Sri Lankan man has been arrested by the Australian police in connection with the murder of his wife, a mother...

SL origin family in US seeks justice after police kill son

0
A tech entrepreneur in Texas wasn’t given ample time to drop a rifle he was carrying on his own front porch before...

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...