29 C
Colombo
Sunday, October 1, 2023

කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ලගේ අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවතට

- Advertisement -

එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂක බුබුළ රීතින් උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වරදකරුවන්ව ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් එම දඩුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සළකා බැලීමකින් තොරවම ඉවත දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තාවනවා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ අභියාචනය පිළිබද සාකච්ඡා කිරීමට කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල පසුගියදා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට උපදෙස් දී පිටත්කර හැරී බවයි.

ලබාදුන් දඬුවමේ සදහන් පරිදි මනෝ වෛද්‍ය උපදෙස් ගෙන යහමඟ පැමිණියහොත් දෙසැම්බර් මස පැවැත්වෙන එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබාදීම ගැන සළකා බලන බව මෙහිදි ඔවුන් දෙදෙනාට දැනුම් දුන් බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් සදහන් කළා.

මෙහිදි ධනුෂ්ක ගුණතිලක විදේශගතව සිටීම හේතුවෙන් ක්‍රිකට් ආයතනයට පැමිණීමට නොහැකි වී ඇති බවත් පසුව පැමිණීමට අපෙක්ෂා කරන බවත් කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ට සදහන් කළද, ක්‍රිකට් ආයතනයෙන් ඔවුන්ට දැනුම් දී ඇත්තේ ධනුෂ්ක ගුණතිලකගේද පැමිණීමක් අවශ්‍ය නොවන අතර දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.

එංගලන්ත සංචාරය අතරතුර ජෛව බුබුළ රීතින් කඩකිරීමේ චෝදනවට ලක්වූ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට සහ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනු ලැබුවා.

එසේම මාස 06ක කාලයකට දේශිය තරග තහනමක් සහ රුපියල් මිලියන 10ක දඩයක්ද ඔවුනට ක්‍රිකට් ආයතනය විසින් නියම කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

උණුවතුර බොයිලේරුවකට ඇද වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

උණුවතුර බොයිලේරුවකට ඇද වැටී ඉන්දියානු ජාතිකයෙකු ඊයේ (30) රාත්‍රියේදී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය...

ළමා අපචාර සිදුවීම්වල වර්ධනයක්

දෛනිකව ළමා අපචාර සිදුවීම් 05 ක් පමණ වාර්තාවන තත්වයක් පවතින බව ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති...

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...