ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් 250,000 ක අල්ලස් මුදලක් ලබාගත් කම්කරු නිලධාරියෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කම්කරු දෙපාර්තමේන්තුවේ බටහිර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියෙක්.
පොලිසිය පවසන්නේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවකයින්ට මාසිකව ගෙවනු ලබන මූලික වැටුප රුපියල් 5000 කින් වැඩි කළ යුතු බවත්, වැඩි කළ මුදලට අදාළව රජයට ගෙවිය යුතු සේවකඅර්ථසාධකය මුදල් ගෙවිය යුතු බවත් බවත්, මෙම ආයතනය සම්බන්ධයෙන් පෙර වැරදි ඇති බවත් දන්වා ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුවත් කර නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා සහ විමර්ශන කටයුතු සඳහා භාරයට ගත් ලේඛන නැවත ලබාදීම සඳහා එම මුදල ඉල්ලා තිබූ බවයි.