ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්රධානත්වයෙන් ලග්ගල ඊයේ (09) පස්වරුවේ තවත් ජන රැළියක් පැවැත්වුණා.
එහිදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාලක කෝට්ටේගොඩ අදහස් පළ කරමින් සිටියදී රැලියට එක්ව සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කර තිබෙනවා.
ඔවුන් කියා සිටින්නේ, නාලක කෝට්ටේගොඩ ඉවත් කර තිලක් බණ්ඩාර මහතාව ලග්ගල ආසනයේ සංවිධායක ධූරයට පත් කරන ලෙසයි.
මේ අතර, දේශපාලනයේ පැලැස්තර ඇලවීමේ ක්රමය අවසන් කළ යුතු බව, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ ප්රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ බදුල්ල, තැපැල් ශ්රවණාගාරයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.