29.7 C
Colombo
Wednesday, April 24, 2024

සජීවි විකාශයක් අතරතුර බිරිඳව ගිණිතබා මැරූ චීන ජාතිකයාට මරණ දඬුවම

- Advertisement -

සජීවි විකාශයක් අතරතුර ඔහුගේ දික්කසාද වූ බිරිඳට පෙට්‍රල් වත් කර ඇයව ගිනි තබා ඝාතනය කළ පුද්ගලයෙකුට චීන අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

මෙම සිදුවීම එරට කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ සංවාදයට තුඩු දී ඇති බවයි පැවසෙන්නේ. චූදිත ටැන්ග් ලුගේ අපරාධය අතිශය කුරිරු වන අතර එහි සමාජ බලපෑම අතිශයින්ම භයානක බවයි අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ.

ඝාතනයට ලක්වූ ටිබෙට් ජාතික කාන්තාවක් වූ ලමූ හට ටික්ටොක් ජංගම දුරකථන යෙදවුමට සමාන Douyin යෙදවුමෙහි සිය දහස් ගණනක අනුගාමිකයන් (followers) සිට ඇති බවයි සඳහන් වන්නේ.

දෙදරු මවක් වන ලමූ ග්‍රාමීය ජීවිතය පිළිබඳව වාර්තා කිරීම සඳහා සඳහා ඇයගේ Douyin අවකාශය යොදාගෙන ඇති අතර ඇය රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතයකින් තොරව ඇයගේ ස්වාභාවික පෙනුමෙන්ම වීඩියෝවන් රූගත කිරීම ඇයගේ රසිකයන් අතිශයින් අගය කළ බවයි පැවස්න්නේ.

ඇය සාම්ප්‍රදායික ටිබෙට් ඇඳුමින් සැරසී කඳුකරයේ ආහාර පිසින අයුරුද එම වීඩියෝ වල දැක්වී තිබෙනවා

2020 ජූනි මාසයේදී, ඇගේ පියාගේ නිවසට මාරක ප්‍රහාරයක් එල්ල වීමට මාස තුනකට පමණ පෙර ලාමු, ටාංගෙන් දික්කසාද වූ අතර ඔහු සම්බන්ධයෙන් ඇයට එරෙහිව ප්‍රචණ්ඩ ඉතිහාසයක් ඇති බව උසාවිය ද ප්‍රකාශ කරන ලදි.

ඇගේ සිරුරේ 90%කට වඩා පිළිස්සුම් තුවාල ලැබූ අතර ඇය ඉන් සති දෙකකට පසු මිය ගියාය.

2016 දී චීනය ගෘහස්ථ හිංසනය අපරාධයක් ලෙස දැක්වූ නමුත් විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල එය තවමත් බහුලව දක්නට ලැබේ.

Chinese killer sentenced to death for burning his ex-wife alive during one  of her livestreams | Daily Mail Online

RECENT ARTICLES - SINHALA

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

කෘෂිකර්මාන්තයට දෙන සහන මුදල් ලබන සතියේ ගොවින්ට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...