ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන බවත් ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බවත් නාමල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
අද (12) යාපනයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ බෞද්ධ රටක පවතින සියලු ආගම්, භාෂා සහ ජනතාව ආරක්ෂිත වන බවයි.
කෙටිකාලීන වරප්‍රසාද, වරදාන හා තනතුරු වෙනුවෙන් තමා රටත්, පක්ෂයත් කිසිදා පවා නොදෙන බවත් තමන් අභියෝගවලට බිය නොවන බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබෙනවා.