30 C
Colombo
Sunday, December 3, 2023

ඇමරිකාවට ඉඩම් දෙන්නෙ නෑ..! – ඇමති SM කඩුව අතට ගනියි

- Advertisement -

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වැනි ගිවිසුම් යටතේ මෙරට ඉඩම් විදේශීය රටවල් සඳහා ලබා දීමට තමන් අමාත්‍ය ධුරයේ සිටියදී ඉඩ නොදෙන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

ඒ, ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ රෙගුලාසි පිළිබඳ අද (23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

මෙරට ඉඩම් ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බවත්, රටක් සංවර්ධනය කිරීමේදී ඉඩම් අයිතිය තිබීම අවශ්‍ය වන බවත් එහිදී ඔහු පවසා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා,

“දැනට කටකතාවක් යනවා, මට උදේ ස්වාමීන් වහන්සේ නමක් කතා කරලත් ඇහුවා එම්.සී.සී ගිවිසුම ක්‍රියාත්මක කිරීමටද ඇමතිතුමා මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ කියලා. මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනි මම සාමාන්‍ය ගොවි පවුලක පුද්ගලයෙක්. මටත් අක්කර 05 සීමාව බලපානවා. මම පවුලක වැඩිමලෙක්. මම මගේ සහෝදරයෙක් සමග ඉඩම් බෙදා ගන්න රන්ඩු වෙන්න ගියේ නෑ. මේ ඉදිරිපත් කිරීමෙන් මගේ අයිතියත් නැති වෙලා යනවා. රටේ සංවර්ධනයට ඉඩම් බලපානවා. ඒ නිසා ඉඩම් කළමණාකරනය කිරීම ඉතාම ඕනෑ කමකින් කළ යුතු දෙයක්.

මේ රටේ උපන්න සිංහල වෙන්න පුලුවන්, මුස්ලිම් වෙන්න පුලුවන්, දෙමළ වෙන්න පුලුවන්, බර්ගර්, මැලේ වෙන්න පුලුවන් ඕනෑම කෙනෙකුට ඉඩම් කැබැල්ලක ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ව්‍යාපාරයක් කරන්න පහසුවෙන් ඒ ඉඩම දෙන්න පුලුවන්. ඒ නිසා මේ වන විටත් අපි ඉඩම් අමාත්‍යාංශය ඡංගම සේවා පවත්වලා ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳන්න අපි කටයුතු කරනවා. රටක් සංවර්ධනය කරනකොට මේ අයිතිය අවශ්‍ය වෙනවා. එම්.සී.සී වැනි ගිවිසුමකට මේ රටේ ඉඩම් ලබා දෙන එකක් මම ඉඩම් ඇමති ලෙස ඉන්නකන් කෙරෙන්නේ නෑ කියන එක සහතික වෙනවා. ඒ වගේම මම දන්නවා ජනාධිපතිවරයා එම්.සී.සී වැනි ගිවිසුමක් යටතේ මෙරට ඉඩම් ඇමරිකාවට දෙන්න යන්නේ නෑ කියලා.”

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...