කෑගල්ල දිස්ත්‍රික්කයට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව කෑගල්ල, අරණායක සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මීට අමතරව බදුල්ල, හම්බන්තොට, මහනුවර, කුරුණෑගල, මාතලේ, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ ප්‍රදේශවලට හෙට (20) පස්වරු 5.00 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.