26 C
Colombo
Friday, December 8, 2023

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

- Advertisement -

දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයකට මේ වන විට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.

මේ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බවට වාර්තා වනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටියත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, වලල්ලාවිට, බුලත්සිංහල හා අගලවත්ත යන ප්‍රදේශ සහ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ යන ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එසේම මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, පිටබැද්දර, කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම, ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, නිවිතිගල, කිරිඇල්ල, ඇලපාත, ඉඹුල්පේ, කොලොන්න යන ප්‍රදේශවලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීම් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට සහ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත යන ප්‍රදේශවලටත් මෙම දීර්ඝ කරන ලද නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...