23 C
Colombo
Friday, February 14, 2025

ලංගම සභාපති ඉල්ලා අස්වෙලා

- Advertisement -

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසා සිටියේ, රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවය.

වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ දෙවන පුද්ගලයා වන්නේ රමාල් සිරිවර්ධන මහතායි.

මීට පෙර රූපවානී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාද සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා.

රමාල් සිරිවර්ධන මහතා අවස්ථා කිහිපයකදී, විවිධ රජයන් යටතේ මීට ඉහතදී තුන් වරක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයට පත් කර තිබුණා.

ඒ 1994 සිට 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වී සිටි සමයේත්, 2006 සිට 2007 දක්වා මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන්ම 2015 සිට 2019 දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය දරන සමයේයි.

සිව් වන වරට 2024 ඔක්තෝබර් මාසයේදී රමාල් සිරිවර්ධන මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ, එවකට ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ විජිත හේරත් මහතා විසිනි.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES