33 C
Colombo
Thursday, March 28, 2024

යොහානිට වශීවූ ඉන්දියාව කියා ලංකාදීප පත්තරේ බොරු දාලා (ඡායාරූප)

- Advertisement -

‘මැණිකේ මගේ හිතේ’ ගීතය නිසාවෙන් මේ වන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින යොහානි ද සිල්වා මෙනෙවිය මේ දිනවල ඉන්දියානු සංචාරයක නිරතව සිටිනවා.

ඒ නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි, ධනවතුන් වෙසෙන ප්‍රදේශයක් වන ගුරුග්‍රෑම්හි සූදානම් කර ඇති ප්‍රසංගයක ගී ගැයීම සදහායි.

මෙය යොහානි ද සිල්වා මෙනෙවිය ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් වන අතර එය ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යාන්තරයට රැගෙන යන විශේෂ අවස්ථාවක්ද වනවා.

කෙසේ වෙතත් එම පුවත අද (01) ලංකාදීප මුල්පිටුවේ වාර්තා කර තිබූ අතර ඉන් කියැවුණේ ඉන්දියාව බලා පිටත්ව ගිය යොහානි ද සිල්වා මෙනෙවිය පිලිගැනීමට නවදිල්ලි ගුවන්තොටුපල වෙත ලක්ෂ හතර හමාරක පමණ පිරිසක් සහභාගීවී සිටි බවයි.

එමෙන්ම රැස්ව සිටි පිරිසෙන් ඇමරිකානු ඩොලර් පක්ෂ පහක පමණ තෑගි මුදලක් ඇයට ලැබුණු බවත්, එහි ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඇයව දැකබලාගැනීමට නවදිල්ලි ගුවන් තොටුපලට රැස්වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසෙන් කොටසක් බවත්ය.

කෙසේ වෙතත් මේ පිළිබදව News19 සිදුකළ සොයාබැලීමේදී වාර්තාවූයේ එම ඡායාරූපය ව්‍යාජ ඡායාරූපයක් බවයි.

එම ඡායාරූපය මීට වසර දෙකකට පෙර එනම්, 2019 වසරේ සැප්තැම්බර් මස 10 වනදා Japan Forward වෙබ් අඩවියේ පලවූ ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඡායාරූපයකි.

2019 වසරේ ජපානයට හමා ආ ෆැක්සායි සුළිකුණාටුව හේතුවෙන් එරට වැසියන් මෙන්ම සංචාරකයන් හා විදේශිකයන්ද දැඩි අපහසුතාවට පත්වුණා.

අයහපත් කාළගුණය හේතුවෙන් ගුවන් ගමන් අවලංගුකර තිබූ නිසාවෙන් නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මගීන් විශාල පිරිසක් සිය ගමන්වාරය එන තෙක් රැදී සිටි ආකාරය එම ඡායාරූපයෙන් දැක්වුණා.

කෙසේ වෙතත් එම ඡායාරූපය නවදිල්ලි ගුවන්තොටුපලේ ඡායාරූපයක් ලෙස අද ලංකාදීප මුල්පිටුවේ පලකර තිබීම විශේෂත්වයක්.

යොහානි ද සිල්වා මෙනෙවිය වේගයෙන් ජනප්‍රියත්වයට පත්වීම හා ඊට නිසා ප්‍රචාරයක් ලබාදීම සිදුකලයුතු දෙයක් වුවත් එයට ව්‍යාජ හා අනවශ්‍ය ප්‍රචාරයන් ලබාදීම තුළින් ඇයත් රටක් වශයෙන් ශ්‍රී ලංකාවත් අපහසුතාවයට පත්වීම නොවැලැක්විය හැකි කරුණක්.

2019 වසරේ නරීටා ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ ඇතිවූ සිදුවීමේ ඡායාරූපය පහතින් ?

Japan Forward වෙබ් අඩවියේ පලවූ එම ලිපිය මෙතැනින් ? බලන්න


RECENT ARTICLES - SINHALA

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...