32 C
Colombo
Friday, January 17, 2025

LankaQR ගෙවීම්වලදී වෙළඳුන්ගෙන් ගන්න ගාස්තුව දෙගුණයකින් වැඩි කරලා

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් වන LankaQR මඟින් ගෙවීම් ලබා ගැනීමේදී ව්‍යාපාර ආයතනවලට දැරීමට සිදුවන ගාස්තුව 2025 ජනවාරි 01 දින සිට 1.0% දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම, එක් ගනුදෙනුවක් සඳහා පෙර පැවති සීමාව (Per transaction limit ) වන රුපියල් 200,000 , රුපියල් 500,000 දක්වා වැඩි කිරීමටද පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත්, LankaQR මඟින් ගෙවීම් ලබා ගැනීමේදී ව්‍යාපාර ආයතනවලට දැරීමට සිදුවන ගාස්තුව දෙගුණයකින් ඉහළ දැමීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල කතාබහක් මතුව තිබුණා.

එය දැනටමත් ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත කරන කුඩා ව්‍යාපාර හිමියන් අධෛර්යමත් කිරීමට හේතුවන බවටද අදහස් පළ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් හෙළකුරු ආයතනය හිමි භාෂා ලංකා සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධානී ධනික පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබුණේ මෙවන් අදහසක්.

“MDR එක නොහොත් QR payments accept කිරීමේදි ව්‍යාපාර ආයතනවලට දැරීමට සිදුවන ගාස්තුව කලින් තිබුණේ 0.5% ක් ලෙසයි. එය දෙගුණ කිරීම තව තවත් කුඩා ව්‍යාපාර QR payments වලින් ඈත් කරන්න හේතු වෙන්න පුළුවන්.Per transaction limit එක කලින් තිබුණේ රු.200,000 ක්. එය රු.500,000 දක්වා වැඩි කිරීම නම් හොඳ දෙයක්.”

MDR (merchant discount rate) ලෙස හැඳින්වෙන යම් ගෙවීමේ ක්‍රමයක් භාවිත කරමින් ගනුදෙනුවක් සිදුකිරීමේදී ව්‍යාපාරිකයාගෙන් අය කෙරෙන ගාස්තුව දේශීය ගනුදෙනු සඳහා මින් පෙර පැවතුණේ 0.5%ක් ලෙසයි.

මේ සම්බන්ධයෙන් LankaPay (Pvt) Ltd ආයතනයෙන් කළ විමසීමකදී එම ආයතනය සඳහන් කළේ මෙම ගාස්තු වැඩි කිරීම පිළිබඳව බැංකු හරහා පාරිභෝගිකයින් වෙත දැනුම් දී ඇති බවයි.

LankaQR මඟින් වෙළඳුන්ට ගෙවීම් සිදු කිරීමේදී එම මුදල ගෙවන පාරිභෝගිකයාගෙන් කිසිදු අමතර ගාස්තුවක් අය වෙන්නෙ නැහැ.

LankaQR ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ලංකා pay පුද්ගලික ආයතනය, සියලුම බැංකු හා මූල්‍ය ආයතන සමඟ එක්ව තම බැංකු ගිණුම් හරහා පාරිභෝගිකයින්ට වෙළඳුන් වෙත ගෙවීම් සිදු කිරීමට ඉඩ සලසන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක්.

2024 පෙබරවාරි මාසය වන විට දිවයින පුරා වෙළඳුන් 373, 000 ක් පමණ මෙලෙස QR කේත ලබා ගැනීම මඟින් සිය ගනුදෙනු කිරීමට යොමුව තිබෙනවා.

ව්‍යාපාර හිමියන්ට බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක් පමණක් පැවතීම මඟින් පමණක් මෙලෙස ගනුදෙනු සඳහා QR කේත ලබා ගැනීමට හැකියාව පවතිනවා.

කෙසේවෙතත්, ගෙවීම සිදුවන අවස්ථාවේදී ව්‍යාපාර ආයතනවලට දැරීමට සිදුවන ගාස්තුව දෙගුණයකින් ඉහළ නැංවීම මඟින් වෙළඳුන් ඩිජිටල් ගෙවීම් ක්‍රමවලින් තවදුරටත් ඈත් කිරීමට හැකියාවක් පැවතීම ප්‍රශ්න සහගත තත්වයකි.

එමෙන්ම මෙම තීරණය ගෙන ඇත්තේ රජය විසින් නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු අවම කරමින් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති පසුබිමක වීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

කළුබෝවිල වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට...

POPULAR ARTICLES

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

කළුබෝවිල වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට...