ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR දිවයින පුරා ව්‍යාප්ත කිරීම අද (25) දින අරඹන ලදී.
“Lanka QR ජනගතකරණය” යනු ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගනුදෙනු ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා යෙදවීමට නියමිත මහ බැංකුව විසින් QR පදනම් කරගත් ගෙවීම් විකල්පයකි.
LANKAQR යනු ඕනෑම වෙළෙන්දෙකුට, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වේගවත්, ආරක්ෂිත සහ අඩු වියදම් ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන විසින් අනුගමනය කරන ලද පොදු ඉක්මන් ප්‍රතිචාර (QR) කේත ක්රමයකි.
LANKAQR භාවිතයෙන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් සෘජුවම වෙළෙන්දන්ට ගෙවිය හැකි අතර, ගෙවීම වෙළෙන්දාගේ බැංකු ගිණුමට ක්ෂණිකව බැර වේ.
ගෙවීම සඳහා පාරිභෝගිකයන් ජංගම ගෙවීමේ යෙදුමක් භාවිතා කරමින් LANKAQR ස්කෑන් කළ යුතු අතර ගෙවීම් ලැබීම තහවුරු කරමින් වෙළෙන්දාට ක්ෂණික කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත. LANKAQR පදනම් කරගත් ගෙවීම් භාවිතා කිරීමේදී පාරිභෝගිකයාට කිසිදු මුදලක් අය නොකෙරේ.
LANKAQR හරහා මුදල් ගනුදෙනු සක්‍රීය කිරීම මුදල් රහිත ආර්ථිකයක් පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව මහ බැංකුවේ අදහසයි.