26 C
Colombo
Thursday, March 23, 2023

මුතුරාජවෙලට අත තියන්න දෙන්නේ නෑ – ලන්සා

- Advertisement -

මුතුරාජවෙල අභයභූමිය තුළ කිසි‍වෙකුට කිසිදු සංවර්ධන කාර්යයක් සිදු කිරීමට ඉඩ නොදෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ‍ෙ මීගමුව වැල්ලවීදිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

මුතුරාජවෙල රක්ෂිතය, මුතුරාජවෙල අභයභූමිය තුළ අනවසරයෙන් හෝටල් සංකීර්ණයක් හදන්න යනවා කියලා අපි මාධ්‍ය මගින් දැක්කා. පැහැදිලිව කියන්න ඕනේ මුතුරාජවෙල අභයභූමිය තුළ කිසිවකුට කිසිදු සංවර්ධන කාර්යයක් සිදු කරන්න දෙන්නේ නැහැ. ලෝකයේම එක් අභයභූමියක් ලෙස මුතුරාජවෙල හඳුනාගෙන තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පහත් ප්‍රදේශ වල ජලය බැස යන්නේ මෙම ප්‍රදේශයට. මෙම ප්‍රදේශය තවත් විදියකින් මීගමුව කලපුවට සම්බන්ධ වන ප්‍රදේශයක්. ඒ නිසා එම ප්‍රදේශයේ සංවර්ධන කාර්යයකට අවසර දෙන්නෙ නැහැ. කාදිනල් හිමිපාණන්ද ඒ පිළිබඳව අදහස් ප්‍රකාශය කර තිබෙනවා අපි දැක්කා. කාදිනල් හිමිපාණන්ගේ මතයට එකඟ වෙනවා වගේම අපිත් ඒ මතය දරමින්, ඒ ප්‍රදේශයේ තුළ කිසිම සංවර්ධනයක් කරන්න එපා කියල තමයි අපි කියන්නේ.

අනවසරයෙන් පුරවපුවා හාරන්න අපි මේ වන විට ක්‍රියාත්මක වෙලා තියෙනවා. අනවසරයෙන් පුරවන ස්ථාන ඇත්නම් අපට දැනුම් දෙන ලෙස පහත්බිම් සංවර්ධන මණ්ඩලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවී හා වන සම්පත් දෙපාර්තමේන්තුව යන ආයතනවලට අපි දැනුම් දීල තියෙනවා. ඒ සියල්ල අපේ යන්ත්‍ර සූත්‍ර මගින් හාරලා නැවත තිබුණ තත්ත්වයට පත් කරනවා.“ යැයි කියා ඇත.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...