30.9 C
Colombo
Thursday, April 25, 2024

චීන ණය උගුලට හසුවී අවසන් හුස්ම හෙළන අග්නිදිග ආසියානු ලිලිපුට්ටා – ලාඕසය

- Advertisement -

අග්නිදිග ආසියාවට චීන ව්‍යාප්තියේදී පිහිටීම අතින් උපායමාර්ගිකව ඉතා වැදගත් ලාඕසයේ චීන මැදිහත්වීම් වර්ධනය වෙමින් පවතිනවා. නමුත් මෙම ප්‍රවණතාවය බොහෝ විට නොසලකා හරිනු ලැබ තිබීම චීනයට ලබා දෙන්නේ මහත් අස්වැසිල්ලක්.

ඓතිහාසික වශයෙන්, ලාඕසයේ චීන මැදිහත්වීම් දේශ සීමාවට ආසන්න උතුරු පළාත්වලට වැඩි වශයෙන් සීමා වුණි. නමුත් ප්‍රවාහන යටිතල පහසුකම්, දේශසීමා ආර්ථික කලාපයක්, ජල විදුලි බලාගාර, පාසල් සහ හමුදා රෝහල් වැනි ආයෝජන ව්‍යාපෘති චීන සබඳතා විස්තාරණය කිරීමක් පෙන්නුම් කරයි. කුඩා ගොඩබිම් රාජ්‍යයක් වුවද ලාඕසය, භූගෝලීයව ඉතා වැදගත් බව චීන ආයෝජන මගින් පැහැදිලි වනවා.

දකුණු චීනයේ සිට ලාඕසය ඔස්සේ තායිලන්තයට මිනිත්තු 90කදී ළඟා විය හැකි අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා අවධානය යොමු වී තිබෙනවා. කිලෝමීටර් 180ක් දිග එහි ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8ක්.

මීට අමතරව වියන්ටියාන් අගනුවර සහ දකුණේ Pakse නගර යා කරමින් කිලෝමීටර් 578ක් දිග අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පසුගිය ජූනි මාසයේ ආරම්භ වුණා. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කර ඇත්තේ චීන සමාගමක් වන අතර එම මාර්ගය තෝරා ගැනීම මුලුමනින්ම චීන අවශ්‍යතාව මත සිදු වූ බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

වියන්ටියාන් සහ Vang Vieng යා කරමින් ඉදිකෙරුණු අධිවේගී මාර්ගය පසුගිය විවෘත කෙරුණු අතර චීනය විසින් ඉදිකර පවත්වාගෙන යාමේ ⁣පදනම මත ඉදිකෙරුණු එම මාර්ගය යළි ලාඕසයට ලැබෙන්නේ වසර 50කට පසුවයි.

මෙම අධිවේගී මාර්ග තුනෙහි වියදම පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 17.8ක්. එය රජයේ වාර්ෂික වියදම මෙන් සිව් ගුණයක් වනවා. ලාඕසයේ දළ දේශිය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 19ක් පමණයි. ලාඕසය, චීන ණය උගුලේ බරපතල ලෙස හසුවුණු රටවල් අතර අටවැනි ස්ථානයේ පසුවනවා.

රට තුල චීන ආයෝජන සිදු කෙරෙන්නේ අධිවේගී මාර්ග සඳහා පමණක් නොවේ. වියන්ටියාන් අගනුවර සහ දකුණු චීනය සම්බන්ධ කෙරෙන අධිවේගී දුම්රිය මාර්ග ව්‍යාපෘතිය තවත් මාස කිහිපයක් තුළ වැඩ අවසන් වීමට නියමිතයි.

මාර්ග ව්‍යාපෘතියවලට අමතරව Nam Ou ගංඟා ජලවිදුලි බලාගාරයේ වැඩිදුර සංවර්ධන කටයුතු සහ Asian Investment Infrastructure Bank (AIIB) විසින් ඩොලර් මිලියන 40 ක ණයක් යටතේ උතුරු ලාඕසයේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘති වැනි “එක් තීරයක් – එක් මාවතක්” චීන වැඩපිළිවෙළට අයත් ව්‍යාපෘති ලාඕසය තුල ක්‍රියාත්මකයි. මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ලාඕසයේ පළමු AIIB ව්‍යාපෘතියයි.

විදුලි සංදේශ සේවා සඳහා ලාඕසයට අනන්‍ය වූ චන්ද්‍රිකාවක් දියත් කිරීම සඳහා චීනය මූල්‍ය පහසුකම් සැපයු අතර විදුලි සංදේශ චන්ද්‍රිකා පහසුකම් සඳහා බීජිංහි සහය ලැබුණු බොලීවියාව, නයිජීරියාව, පාකිස්තානය හා වෙනිසියුලාව අතරට ලාඕසයද ඒ අනුව එක් වුණා.

ඒ අනුව ලාඕසය තුල චීන ආයෝජන ඉහළ යෑමත් සමග අග්නිදිග ආසියානු සංවර්ධනය වෙමින් පවතින මෙම රාජ්‍යයත් චීන ණය උගුලට හසුවනු ඇතැයි යන සැකයක් වර්ධනය වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතයත් සමග කඩා වැ⁣ටුණු ආර්ථිකය නඟා සිටුවීමට ලාඕසයට චීනය හැර අන් සරණක් නැහැ.

වඩාත් උපායමාර්ගික දෘෂ්ටි කෝණයකින් බලන විට, මහා මාර්ග සහ අධිවේගී මගී හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය හරහා ගොඩනැගෙන සම්බන්ධය ඔස්සේ චීන භාණ්ඩ ලාඕස වෙළඳපොළට බෙදා හැරීමටත් සංචාරක හා දේපළ වෙළඳාම් අංශවලට ආයෝජන ඉහළ නැංවීමටත් හැකි වනවා. එමෙන්ම මධ්‍යම ලාඕසය හරහා තායිලන්තය වෙත භෞතික සම්බන්ධතාවයක් ඇති කරගැනීමෙන් චීනයට එම වෙළෙඳපොළ, වරාය සහ අවසානයේ අන්දමන් මුහුදු ප්‍රදේශය⁣ට පහසු පිව්සීමක් ලබා දෙනවා.

ලාඕසය සමග චීන සබඳතාවය, ආර්ථික සංවර්ධන විභවයන් මෙන්ම කලාපීය භූ දේශපාලනය හැඩගැස්වීමේ කාර්යයයේදී ක්‍රියාකාරී භූමිකාවකට ඉඩ ලැබීම යන අංශ ද්විත්වයෙන්ම දිරි ගන්වනු ලබනවා. මන්ද, කලාපීය භූ දේශපාලනයට නව හැඩයක් ලබා දීම චීනයේ දීර්ඝකාලීන බලාපොරොත්තුවක්.

කෙසේ වෙතත් මෙම ආයෝජන මගින් දේශිය ජනතාවට කිසිදු සුගතියක් නොලැබෙන බව දිගින්.දිගටම එල්ල වන චෝදනාවක්.

නිදසුනක් ලෙස අධිවේගී දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සැලකිල්ලට ගැනීමේදී එහි ඉදිකිරීම් සඳහා වැඩවශයෙන් සේවකයන් චීනයෙන් ගෙන්වා ඇති අතර ලාඕස ජනතාව නිපුණතාවක් අවශ්‍ය නොවන කම්කරු රැකියා සඳහා බඳවාගෙන ඇත්තේ ඉතා සුලු වැටුපකටයි.

එමෙන්ම චීන කෙසෙල් වගා වැනි කෘෂිකාර්මික ව්‍යාපෘතිවලදී අධික ලෙස කෘමිනාශක හා වල්නාශක භාවිතය දැඩි සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රැසක් නිර්මාණය කර තිබෙනවා. ඇතැම් චීන ආයෝජකයන් සිය වගා ව්‍යාපෘති අතරමඟ අත්හැර දමා ඇත්තේ ඒවායේ සේවය කළ ලාඕස ජනතාවට වැටුප් පවා ගෙවීමෙන් තොරවයි.

එමෙන්ම චීන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කරගැනීමේදී විශාල පිරිසකට සිය පාරම්පරික නිවාස හා ඉඩම් අහිමි වුණා. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් වන්දියක් නොලැබීමෙන් ඔවුන් මේ වන විට බරපතල ජීවන අරගලයකට මුහුණ දී සිටිනවා.

චීන ආයෝජන නිසා පරිසරයට සිදුවන හානිය, ජීව⁣නෝපාය අහිමි වීම වැනි කාරණා සම්බන්ධයෙන් මේවන තෙක් කිසිදු අධ්‍යයනයක් සිදු කර නැහැ.

ඒ අනුව කුඩා, ගොඩබිම් සහිත, අධික ලෙස ණයගැති පහළ-මධ්‍යම ආදායම් රටක් ලෙස, ලාඕසයට යළි නැඟී සි⁣ටීමට මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික හවුල්කරුවන් අවශ්‍ය වනවා.

චීනය සහ අනෙකුත් හවුල්කරුවන් අතර සමතුලිතතා පවත්වා ගැනීම ලාඕසයේ දේශපාලන නායකත්වය⁣ට ඇති තීරණාත්මක අනාගත අභියෝගයයි.

RECENT ARTICLES - SINHALA

සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. කඳාන...

අමරවීරගෙන් මිලියන 1000ක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත...

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...