30.5 C
Colombo
Tuesday, April 23, 2024

නව සහල් මිල ඩඩ්ලි නිවේදනය කරයි

- Advertisement -

සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත් කිරීමට ඊයේ (27) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි තීරණය කිරීමත් සමග සහල් සදහා නව මිල රජයෙන් නොව මහා පරිමාණ සහල් මෝල් හිමියන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 115 ක් ලෙසත්, සම්බා කිලෝවක් රුපියල් 140 ක් ලෙසත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 165 ක් ලෙසත් සහල් මෝල් හිමියන් නිවේදනය කරනවා.

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අවලංගු කිරීමත් සමඟ ගොවීන් සහ අතරමැදි රැස් කරන්නන් විසින් මෝල් හිමියන් වෙත වී ලබාදීම ප්‍රතික්ෂේප කරන බැවින් සහල් මිල ඉහළ යා හැකි බව මීට පෙර සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩී.කේ. රංජිත් මහතා ප්‍රකාශ කළා.

වී සඟවා සිටින බව පවසා මීට පෙර පාරිභෝගික අධිකාරිය විසින් මහා පරිමාණ වී මෝල් වෙත ගොස් වැටලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර වී තොග අල්ලාගත් බව පැවසුවද මේ වන විටත් වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතිනවා.

මේ අතර ඊයේ (27) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේ වෙළඳපොලේ සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමටයි.


RECENT ARTICLES - SINHALA

ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දිනැතිව පවත්වන ලද තරඟ විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත්...

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් ඇරඹේ

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට සිට යළි ආරම්භ වනවා. මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව හෙට ආරම්භ වන අතර...

පළමු මාස තුනේ රාජ්‍ය ආදායම කෝටි 83,400ක්

මෙම වසරේ (2024) පළමු මාස තුළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත ඉලක්කය ඉක්වා ඇති බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙනේ එම කාල...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...