තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.
ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බවයි.
ඒ අනුව, චීනය විසින් මේ දක්වා මෙරටට ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන මිලියන 22ක්.
මේ අතර, කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (04) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.
අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙතැනින් ලබා ගත හැක.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ කටයුතු සිදුවන්නේ පහත සඳහන් ස්ථානවලදීයි.