25 C
Colombo
Saturday, December 9, 2023

ඉකුත් වසරේ ආහාර භෝග ආනයනයට ඩොලර් මිලියන 295ක් වැයකරලා

- Advertisement -

පසුගිය වසරේ මෙරට වගාකළ හැකි ආහාර භෝග රාශියක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන ගණනින් වැය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, එම ආහාර භෝග ආනයනය සඳහා ඩොලර් මිලියන 295ක වියදමක් රජය දරා ඇති බවයි.

මෙලෙස ආනයනය කර ඇති එම ආහාර භෝග අතර කිරි අල සහ මංඤ්ඤොක්කාද ඇති බව දුටු තමන් පුදුමයට පත්වූ බවද මන්ත්‍රීවරයා පැවසුවා.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, එම භෝග වර්ග අතර සුදු ලූණු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු, කොමඩු, අන්නාසි, මෑ කරල් සහ මුං ඇට ද ඇති බවයි.

ඇමතිවරු පම්පෝරි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිය අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල් භාවිත කර සිය යුතුකම ඉටුකිරීමට වගබලා ගන්නා ලෙස, මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...