32 C
Colombo
Tuesday, February 18, 2025

පසුගිය වසරේ සංචාරක ආදායම ඩොලර් බිලියන 3.17ක්

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2%කින් ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

2023 වසරේ දී ශ්‍රී ලංකාවට 1,487,303 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබෙන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068 ක්.

මේ අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී පැමිණ ඇති 2,053,465 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හරහා ඩොලර් මිලියන 3,168.6 ක ඉපැයීමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.

මෙය වාර්ෂික පදනම මත 53.2% ක වර්ධනයක්.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2024 දෙසැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 362.1 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.

2023 දෙසැම්බර් මාසයේ දී ඒම අගය සටහන්ව තිබුණේ ඩොලර් මිලියන 269.3 ක් ලෙසින්.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට

දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා...

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

POPULAR ARTICLES