අද (14) සිට දෛනික විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.
පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත නොහැකි වීම නිසා ඉකුත් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පැය එකහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තා.
කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (13) පෙරවරුවේ නිවේදනය කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඊයේ දිනයේත් පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.
මේ අතර, පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවයෙන් අක්‍රීය වූ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3 කඩිනමින් යථා තත්ත්වයට පත්කර එය ජාතික පද්ධතියට එක්කිරීම සඳහා විදුලි ඉංජිනේරුවන් සහ කාර්යමණ්ඩලය යුහුසුළුව කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.