23 C
Colombo
Sunday, February 16, 2025

අර්චුනාගේ මන්ත්‍රී ධූර නඩුවේ අලුත්ම තත්ත්වය

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර ඇති පෙත්සමට අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දී තිබෙනවා.

ඒ අනුව, අද (31) දින අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනුණා.

මායාදුන්නේ කොරයා සහ ඒම්. ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට පැවසුවේ පෙත්සම්කරු වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැනට වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය නිලධාරියෙකු බවයි.

මන්ත්‍රී රාමනාදන් අර්ජුනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා, තම සේවාදායකයාට එරෙහිව ඉල්ලා ඇති අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට කාලයක් ඉල්ලා සිටියා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක බරන් මහතා හදිසි නඩු කටයුත්තක් ලෙස සලකා කඩිනම් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා.

අධිකරණය විසින් වග උත්තරකරුවන්ට පෙබරවාරි 28 වන දිනට පෙර විරෝධතා ගොනු කිරීමටත්, ප්‍රතිවිරෝධතා මාර්තු 30 වන දිනට පෙර ගොනු කිරීමටත් නියම කරනු ලැබුවා.

පෙත්සම සාක්ෂි සහිතව විභාග කිරීම මැයි 14 වන දින සිදු කෙරෙනු ලබනවා.

පෙත්සම්කරු චෝදනා කරන්නේ, රාමනාදන් අර්ජුනා මහතා රජයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් ඉන් ඉවත් නොවී මහ මැතිවරණයට තරග කිරීම මගින් පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කර ඇති බවත්, එබැවින් ඔහුට මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවයි.

ඒ අනුව, එම මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES