පෙට්‍රල් ගෙන්වීම සම්බන්ධ නවතම තත්ත්වය

පෙට්‍රල් සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් මිලියන 46.2 ක ණයවර ලිපියක් මහජන බැංකුව විවෘත කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එම ණයවර ලිපිය විවෘත කිරීමත් සමගහැකි ඉක්මනින් පෙට්රල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි පැවසෙන්නේ. මේ අතර, මෙරටට ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව ඊයේ මෙරටට පැමිණියා.