24 C
Colombo
Thursday, January 23, 2025

ගත වූ පැය 24ට රියදුරන් 7264කට නීතිය

- Advertisement -

ගත වූ පැය 24 ක කාලය තුල රියදුරන් 7264 ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

විශේෂ රථවාහන මෙහෙයුම ඔස්සේ බීමත් රියදුරන් 529 දෙනෙකු, අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාල රියදුරන් 57 දෙනෙකු, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 54 දෙනෙකු, මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1057 ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 614 ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 4953කට මෙසේ නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වන්නේ.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් දෙසැම්බර් 23 වන දින සිට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළා.

අත්අඩංගුවට ගන්නා ලද බීමත් රියදුරන් 529 දෙනා මෙම මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු පැය 24 ක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව වන බවයි පැවසෙන්නේ.

මෙම විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන අතර බීමත්ව රිය ධාවනය නොකිරීමටත්, මාර්ග නීති උල්ලංඝණය ඇතුළු අනෙකුත් රථවාහන නීතී රීති උල්ලංඝණය නොකරන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES