25 C
Colombo
Friday, January 17, 2025

පලස්තීනුවන්ගෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නඩු

- Advertisement -

පලස්තීනුවන් පිරිසක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඒ, ඊශ්‍රායලය මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කරන බව දැන දැනම, ඊශ්‍රායල හමුදාවට අරමුදල් සැපයීම හේතුවෙන්.

අමෙරිකානු නීතියට අනුව යම් රටක් මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවට විශ්වසනීය සාක්ෂි ඇති විට එම රටේ හමුදාව සඳහා මිලිටරි ආධාර ලබාදීම තහනම් වනවා.

එය හැඳින්වෙන්නේ “ලේහි නීතිය” ලෙසින්.

පලස්තීනුවන් පිරිසක් එක්ව පවරා ඇති නඩුවෙන් පෙන්වා දෙන්නේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර ජාත්‍යන්තර නීතියට අනුව ජන සංහාරයක් ලෙස සැලකෙන බව පසුගියදා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ද තහවුරු කළා.

මාස 14ක සිට අඛණ්ඩව එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේ වනවිට පලස්තීනුවන් 45,000කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES