29 C
Colombo
Thursday, October 3, 2024

හිඟ සුරා බදු ගෙවිම පැහැර හැරියොත් නඩු

- Advertisement -

මත්පැන් නිෂ්පාදකයින් රජයට ගෙවීමට පැහැර හැර ඇති හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී තිබෙනවා.

සුරා බදු ගෙවීමට අපොහොසත් වූ මත්පැන් නිෂ්පාදකයින් පිරිසක් සුරා බදු දෙපාර්තමේන්තුවට ඊයේ (02) පෙරවරුවේ කැඳවා තිබු අතර එහිදි සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා මේ බව පවසා තිබුණා.

මෙම මත්පැන් නිෂ්පාදකයින් මෙම වර්ෂයේ සහ පසුගිය වර්ෂයේදී ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණය කෝටි 180ක්.

එම කාලයට පෙර බඳු ගෙවීම පැහැර හරින සුරා බදු නිෂ්පාදකයන්ට නඩු පැවරීමට කටයුතු කරන බවද එම්.ජේ. ගුණසිරි මහතාසඳහන් කළා.

එම නිෂ්පාදකයන්ට නැවත මත්පැන් බලපත්‍රය ලබා නොදීමටද දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.

මේ වසරේදී උපයා ගැනීමට බලාපොරොත්තු වන ආදායම රුපියල් කෝටි 23200ක් බවත් මේ වන විට රුපියල් කෝටි 16200ක් උපයාගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.

එය ගිය වසරට සාපේක්ෂව එය රුපියල් 5300ක වැඩිවීමක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

RECENT ARTICLES - SINHALA

සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්...

මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ...

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් දෙන්න – අධිකරණය

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාඹුගලගේ මහතාගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...