24 C
Colombo
Monday, December 11, 2023

නීතිඥවරුන් 150ක් පොලිස් සේවයට

- Advertisement -

නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මහජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මගින් ලබාදෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීම එහි අරමුණ බව එම අමාත්‍යාංශය පැවසීය.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව ඔවුන් සේවයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

පසුව ඔවුන් පොලිස් සේවයට බඳවා ගැනීමට නිමිත අතර ඔවුන් සතුව පවතින දක්ෂතාවය අනුව උසස්වීම් ලබාදීමට නියමිත බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි.

එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකම් ලෙස සැලකේ.

තාක්ෂණය පිළිබදව දැනුම ඔවුන්ට පැවතීම අවශ්‍ය වන අතර අදාළ පුහුණුවීම් නිමවීමෙන් අනතුරුව ඔවුන්ව සේවා අවශ්‍යතාවයන් අනුව අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.

අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

කුරුණෑගල පාසලක සියලුම සිසුන් සාමාන්‍ය පෙළ අසමත් වෙලා

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති පාසලක සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඇති සිසුන් 17දෙනකු විභාගය අසමත්වී තිබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා...

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...