32 C
Colombo
Saturday, March 25, 2023

නීතිඥවරුන්ට වෙනම පහසුකම් ඉල්ලයි

- Advertisement -

මෙරට ඇති රෝහල් සියල්ලේම පහසුකම් එකලෙස ප්‍රමාණවත් නොවන බැවින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වන නීතිඥවරුන්ට පහසුකම් සහිත, ඔවුන්ට සුදුසු රෝහල් ලබාදීම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කණිෂ්ඨ නීති කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රීලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස හට ලිපියක් මගින් නොවැම්බර් 14 වන මෙම ඉල්ලීම සිදු කර ඇත.

නව ⁣සාමාන්‍ය තත්ත්වය පිළිගෙන සාමාන්‍ය පරිදි නීතිඥ කටයුතු සිදුකිරීමට සිදුවන බවත් එවිට නීතිඥ වෘත්තියේ යෙදෙන සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට වෛරසය ආසාදිත වීමේ අවදානමක් ඇති බවත් ඔහු ලිපියේ සදහන් කර ඇති අතර නීතිඥ සංගමයේ වෘත්තීමය ස්ථාවරයක් ලෙස සලකා කොවිඩ් වෛරසය ආසාදිතවන නීතීඥයන් සහ පවුලේ සාමාජිකයන්ට පහසුකම් සහිත සුදුසු රෝහල් ලබාදීමේ හැකියාව ගැන සලකා බලන ලෙසත් සදහන් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරියද නීතිඥයෙකු බැවින් ඇයට මෙම කරුණු පහදා දී මෙම ඉල්ලීම් පිළිබඳව අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙසත්ය.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...