30.4 C
Colombo
Wednesday, April 24, 2024

නායකයෝ වැරදී සාධාරණීකරණය කරනවා..! – කාදිනල් හිමිපාණන්

- Advertisement -

හෘද සාක්ෂියට අනුව වැඩකරන පුද්ගලයින් සමාජයේ දක්නට නොලැබෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ, ශාන්ත පීතර විද්‍යාලයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් ඊයේ (18) දින පැවති උත්සවයක් අමතමින්.

උත්සවය ආරම්භවීමට පෙර උදෑසන දේව මෙහෙය පැවැත්වුණු අතර එහිදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

”හෘද සාක්ෂියට අනුව වැඩකරන පුද්ගලයින් සමාජයේ දක්නට ලැබෙන්නේ නැහැ .වර්තමානයේ. අපි ගන්න තීරණයන්ගෙන් ඇතිවන අභියෝගවලට මුහුණදෙන ශක්තිය අඩුයි. වෘත්තිමය ලෙස හෝ අනෙක්තු කිසියම් ලෙකද මේ විදියට හිතන කීදෙනෙක් ඉන්නව ද? නිදහසට පසු අවුරුදු 74 ක් තිස්සේ මේ රටේ සත්‍යය හැම වෙලාවේම නැති වෙලා තිබෙනවා. මේ රටේ ජනතාව හෘද සාක්ෂියට අනුව සාධාචාරත්මක ලෙස වැඩ කරන්නේ නැතුව සල්ලි සහ බලය පිටුපස හඹා යන්න පටන් අරන්.

අපේ රටේ හෘද සාක්ෂිය මැරිලා තියෙන්නේ. වඩා වැදගත් වෙන්නේ හොඳ මිනිසුන් නරකක් නපුරක් කරන්නේ නැති හොඳ මිනිස්සු බිහි කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. නැතුව බොහෝ නායකයෝ සමහර වෙලාවට කරනවා වගේ වැරදී සාධාරණීකරණය කරන එක නෙමෙයි”


RECENT ARTICLES - SINHALA

සිරිසේනට ස්ථිර අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (24) තවත් වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ එම පක්ෂයේ හිටපු...

දුමින්ද, ලසන්ත සහ මහින්ද ඉවත් කිරීමට එරෙහි වාරණය යළි දීර්ඝ කෙරේ 

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම...

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ගැන පොලිසියට සැකයක්

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...