31 C
Colombo
Friday, April 19, 2024

ලි ක්වාන් යු මළා; මහතීර් මොහොමඩ් ගෙදර ගියා..! – විමල්

- Advertisement -

ලි ක්වාන් යු මියගිය බවත්, මහතීර් මොහොමඩ් ගෙදර ගිය බව හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා.

ඒ, පුවත්පතක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ජාවේදීයි.

බැසිල් රාජපක්ෂට අවශ්‍යව ඇත්තේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ අක්‍රීය බව උපයෝගී කොටගෙන රාජ්‍ය පාලනය සියතට ගැනීම බවත් රටේ අර්බුද වර්ධනය කොට ඉන්දු-ඇමරිකා පක්ෂපාතීත්වයට සහයෝගය දීම බවත් ඔහු පවසනවා.

MCC ගිවිසුම නැවත ඉදිරිපත් කිරීම සඳහා ඇමරිකානු නියෝජිතයන් මෙරටට පැමිණීමට නියමිත බවත් ඊට අවශ්‍ය පසුබිම බැසිල් රාජපක්ෂ විසින් නිර්මාණය කරමින් සිටින බවත් ඔහු පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“ලි ක්වාන් යු මළා… මහතීර් මොහොමඩ් ගෙදර ගියා. එදා එහෙම කියපු නිසා තමයි එහෙම නොවෙන නිසා සටන් කරන්නේ. එදා එහෙම කියපු එකේ වගකීම තියෙන නිසා. එහෙම නැත්නම් ෂෝක් කියලා දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න පුළුවන්. එදා කියපු එකේ වගකීම තියෙන නිසයි ඇතුලේ බැරිනම් එලියට බැහැල සටන් කරන්නේ. තනතුරට ඕන දෙයක් වෙච්චාවේ කියලා කියන්නේ”

RECENT ARTICLES - SINHALA

ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්...

පාසල් දරුවන් වෙනුවෙන් සබලකෘත සහල් බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...