28 C
Colombo
Sunday, October 1, 2023

විරෝධතාකරුවන්ට නොමිලේ නීතීඥ සහය දෙනවා..! – සජිත්

- Advertisement -

රාජ්‍ය මර්දනයට ලක්වන ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බව සමගි ජන බලවේගයේ  නායක සහ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

ඔවුන් වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක් සූදානම් කර ඇති බවයි ඔහු පවසන්නේ.

තම ජීවත්වීමේ අයිතිය ඉල්ලා සිටින ජනතාව ත්‍රස්තවාදය වැළැක්වීම වැනි අණපනත් තුලින් මර්දනය කිරීමට ආණ්ඩුව දරණ ප්‍රයත්නයට  කිසිවිටෙකත් ඉඩ නොතබන බවද විපක්ෂ නායකවරයා පවසනවා.

රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරයටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා රටේ ජනතාව අරගල කරන බවත්, එම ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම  ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් විපක්ෂ නායක වරයා එහිදී පවසා සිටියා. 

ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින අතරේ රාජ්‍ය මර්ධනයට හසුවන සියලු පුරවැසියන්ට පක්ෂ පාට නොසලකා එම නීතිඥ සහාය නොමිලේ ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය

RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...