30 C
Colombo
Thursday, June 8, 2023

බොලිවුඩයේ සුපිරි තරුව දිලිප් කුමාර් මියයයි

- Advertisement -

ප්‍රවීන බොලිවුඩ් නළු දිලිප් කුමාර් අද (07) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට දිලිප්ගේ වයස අවුරුදු 98 ක්.

දිලිප් කුමාර් දීර්ඝ කාලයක් රෝගාතුරව මුම්බායිහී හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහු වෙනුවෙන් O- රුධිර කාණ්ඩය සොයා ගැනීමේ අපහසුතාවයකටද පත්ව තිබෙනවා

අවසාන වතාවට ඔහුව රෝහල් ගත කර ඇත්තේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් බවයි ඔහුගේ පවුලේ ඥාතීන් පවසන්නේ.

දශක 5 කට අධික කාලයක් රංගනයේ නිරත දිලිප් කුමාර් බොලිවුඩ් සිනමාවේ සිටි දක්ෂ නලුවෙක් ලෙස ප්‍රකටයි.

ඉන්දීය සිනමාවේ ස්වර්ණමය යුගයේ සිටි බැබලෙන තාරකාවක් වූ දිලිප් කුමාර් මධුමතී, දේව්දාස්, ගංගා ජමුනා, මෝගල් ඊ අසාම්, රාම් ඕර් ෂ්‍යාම් වැනි චිත්‍රපටවලින් නොමැකෙන සටහනක් තබා තිබුණා.

1951 වසරේ තරානා චිත්‍රපයට රූ ගත කරන කාලයේදී දිලිප් කුමාර් සුරූපි බොලිවුඩ් නිළි මධුබාලා සමඟ ප්‍රේම සබදතාවයක් ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් වසර 7 ක් පැවති එම සබදතාවය නිමාවන්නේ අධිකරණ කටයුතුද පැටලීමකින් අනතුරුවයි.

1960 වසරේ මෝගල් ඊ අසාම් චිත්‍රපටයෙන් අනතුරුව ඔවුන් දෙදෙනා යළි කිසිදු දිනෙක එකට රංගනයේ නිරත වූයේ නැහැ.

පසුව සුරූපි බොලිවුඩ් නිළි වෛජන්තිමාලා සමඟද දිලිප් කුමාර් සබදතාවයක් පැවැත්වූවා.

කෙසේ වෙතත් අවසානයේ දිලිප් කුමාර්ගේ බිරිද වන්නේ ප්‍රවීන රංගන ශිල්පිනි සයිරා බානුයි.

RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...