29 C
Colombo
Saturday, January 18, 2025

ලංකාවේ වැඩිහිටි අධ්‍යාපනයට දී ඇත්තේ අඩු බරක්

- Advertisement -

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි අධ්‍යාපනය සඳහා අඩු බර තැබීමක් සිදු කර ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ අංශ ප්‍රධානී මහාචාර්ය සාගර චන්ද්‍රසේකර මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වැඩිහිටි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අධ්‍යාපන සංවර්ධන සන්ධානය විසින් පසුගියදා සංවිධාන කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

අධ්‍යාපනය යනු විධිමත් ක්‍රමයකින් ලබාගන්නා දෙයක් බවට ඇතැම් පිරිසක් විශ්වාස කරනු ලබනවා.

කෙසේ වෙතත් වැඩිහිටි අධ්‍යාපනය යනු එම සීමාවෙන් ඔබ්බට ගොස් ඇති එකක් බවයි, මහචාර්යවරයා පෙන්වා දෙන්නේ. ජීවිත කාලය පුරාවට අධ්‍යාපනය ලබා ගත යුතු බවත් එය දැනුම යන සාධයකට පමණක් සීමා කෙරෙනවා.

සාගර චන්ද්‍රසේකර මහතා අවධාරණය කළේ,මෙරට තුළ වැඩිහිටි අධ්‍යාපනය ලබාදීමට ආයතන රැසක් තිබුණ ද, ඔවුන් ද දැනුම නමැති සාධකයට පමණක් කොටු වන බවයි.

“වැඩිහිටි අධ්‍යාපනය කියලා කියන්නේ, විධිමත් ආකාරයට වෙන්න පුළුවන්. අවිධිමත් වෙන්නට පුළුවන්. ඒක අපි කතා කරන විදිහට පන්ති කාමරවල වාඩිවෙලා උදේට ඇවිත් හවස යන ක්‍රමයක් නෙවෙයි. දෛනික ජීවිතයේ කරන වැඩ කටයුතු සාර්ථකව කරගන්නේ කොහොමද.? නිවැරදි ආකාරයෙන්  කරගන්නේ කොහොමද තමන්ගේ අරමුණුවලට යන්නේ කොහොමද කියන එකයි මෙතැනදී අදහස් කරන්නේ.”

වැඩිහිටි අධ්‍යාපනය තුළින් ශ්‍රම බලකාය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි බැවින් එය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවලට ඇතුළත් කළ යුතු බව ද මහාචාර්ය සාගර චන්ද්‍රසේකර මහතා කියාසිටියා.

වැඩිහිටි අධ්‍යාපනය යනු ජීවිත කාලය පුරාම ඉගෙනීම සදහා කුසලතා, දැනුම සහ වටිනාකම කුමානුකූලව අත්පත් කරගැනීමයි.

“ශ්‍රී ලංකාවේ වැඩිහිටි සාක්ෂරතා අනුපාතය  92% ක් වූවත් ඊට කාර්යබද්ධ සාක්ෂරතාව ඇතුළත් කර නැහැ . ඊට සාක්ෂරතා වැඩසටහන්, වෘත්තීය පුහුණුව සහ ජීවන කුසලතා ඇතුළත් වෙනවා. ග්‍රාමීය දරිද්‍රතාවය සහ ඌන සේවා නියුක්තිය ආමන්ත්‍රණය කිරීම සඳහා වැඩිහිටි අධ්‍යාපනය ඉතා වැදගත් වනවා. එම අධ්‍යාපනය තුළින් දැනුවත් පුරවැසියින් බිහිවීම, විරැකියාව අඩුවීම සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය වීම සිදු වෙනවා. විවිධ අවශ්‍යතා, දැනුම් මට්ටම්වල සිටින වැඩිහිටියන් සිටින බැවින් ඔවුන්ට මෙම අධ්‍යාපනය ලබාදිය යුතු ක්‍රමවේදය සකස් කළ යුතුයි”

මේ අතර එක්සත් ජාතීන් විසින් සම්මත කර ගැනුණු තිරසාර සංවර්ධන අරමුණු අංක 04 ට අයත්  අධ්‍යාපන ඉලක්ක සහ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, ජීවිත කාලය පුරාම ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වනවා.

කෙසේ වෙතත් පසුගිය රජය විසින් හඳුන්වා දුන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ වැඩිහිටි අධ්‍යාපනය පිළිබඳව කිසිදු සඳහනක් නොවූ බවයි ආචාර්ය චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිදුකරන ලබන ආයෝජන පසුගිය වසර කිහිපය තුළදී ක්‍රමිකව අඩුවීමේ ප්‍රවණතාවයන් දක්නට ලැබෙනවා.

2022 වසරේදී අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර තිබුනේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.6ක් වැනි සුළු ප්‍රමාණයක්.

2023 වසරේ අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 530ක් වෙන් කෙරුණු අතර මෙම මුදලින් 70ක් පමණ වෙන් කර ඇත්තේ සාමාන්‍ය විධිමත් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන්.

මේ තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ නොවිධිමත් සහ වැඩිහිටි අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක්වී ඇති බවද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වවල අදහස් සහ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමේ වැදගත්කම සිය සංවිධානය නිරන්තරයෙන් අවධාරණය කරන බවද ආචාර්ය චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...