30.9 C
Colombo
Thursday, April 25, 2024

ඉන්දීය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය සීපා ගිවිසුමෙන් ලංකාවට උගත හැකි පාඩම්

- Advertisement -

බලය වෙනුවෙන් වූ ප්‍රාථමික දේශපාලන හැසිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ලොව බොහෝ දේ අහිමි වෙද්දී, ලෝකය සිය නව ප්‍රවේශයන් සමග ඉදිරියට ගමන් කරමින් සිටී. ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලැබීමට නියමිතව පැවැති ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම, හුදු දේශපාලන විරෝධතා හේතුවෙන් මෙරටට අහිමිවූ අතර, එමගින් මෙරට ඉඩම් ප්‍රතිපත්තිය ලෝකයට ගැලපෙන ආකාරයෙන් යාවත්කාලින කිරීමට පැවැති ස්වර්ණමය අවස්ථාවක් අහිමිව ගියේය. අවසානයේ ඇමෙරිකාව එම MCC ප්‍රදානය නේපාලයට ලබාදීමට ඇමෙරිකාව තීරණය කළේය. එසේම ජපානය විසින් 0.01%ක ප්‍රතිශතයක් යටතේ වසර 40ක කාලයක් වෙනුවෙන් ලබාදෙන සහන ණය මුදලක් යටතේ ඉදිකිරීමට යෝජනාවූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට අත්වූයේද එම ඉරණමම ය. එහෙත් බංග්ලාදේශය එම ආකෘතිය යටතේ ඉදිකළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පසුගිය මාසයේ විවෘත කළේය. මෑත කාලීනව තවත් එවැනි මතකයක් ඇත. එනම්, ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජනාවී තිබුණු විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම හෙවත් සීපා(CEPA) ගිවිසුමයි. ඉන්දියාවෙන් වෘත්තිකයන් පවා ආනයනය කිරීමට සිදුවනු ඇතැයි, වැනි ව්‍යාජ සහ හිතලූ ප්‍රබන්ධ නිර්මාණය කරමින් දේශපාලකයන් සහ දේශපාලන ප්‍රවාහ වලට ආවඩන වෘත්තිකයන් විසින් විරෝධය දක්වන ලද එම සීපා ගිවිසුම අවසානයේ 2015 බලයට පැමිණි ආණ්ඩුව විසින් අත්හිටුවනු ලැබීය. මේ කියන්නට යන්නේ ශ්‍රී ලංකාව පිලිබඳ තොරතුරක් නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ අසාර්ථක වන බොහෝදී ලෝකයේ සාර්ථක වන බව කීමට, ශ්‍රී ලංකාවෙන් නිදර්ශන නොගෙන නොහැකිවන අවස්ථා පවතින බැවින් ඉහත උදාහරණ ඒ ආකාරයට පෙළගස්වනු ලැබීය.

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමකට (CEPA) අත්සන් කරන ලද්දේ පසුගිය වසරේදී පෙබරවාරි මාසයේදී ය. එම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඉන්දියාවේ තුන්වන විශාලතම වෙළඳ සහකරුවා බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්ව ඇත. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනු අද වන විට ඉන්දියාවේ දෙවන විශාලතම අපනයන වෙළඳපොළයි. මෙලෙස අතිශය වැදගත් වෙළඳ ගිවිසුමකට අත්සන් තබා ඇති ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද, වසරක් ඇතුලත ඔවුන්ගේ සබඳතාවල “සැබෑ පරිවර්තනයක්” භුක්ති විඳිමින් සිටී. පසුගියදා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්.ජයිශංකර් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශේෂ සංචාරයක නිරතවූ අතර, එහිදී ඔහු පෙන්වා දුන්නේ වෙනස් වන ලෝකය අනුව හැඩගැසීම වෙනුවෙන් මෙම සීපා ගිවිසුම දෙරටටම මහත් උපකාරයක් වූ බවයි.
“මෙම පුළුල් ආර්ථික සහයෝගීතා ගිවිසුම ඉතා ඉක්මනින් අවසන් කිරීමට අපට හැකි වීමත්, ඉන් පසුව මෙතරම් ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවීමත් ඔස්සේ අප දෙරටේ සබඳතාවයේ ශක්තිමත් බව ප්‍රදර්ශනය කර තිබේ. අපි දැන් නව ක්ෂේත්‍ර කරා ගමන් කරමින් සිටිමු,” යනුවෙන් ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දියා ගෝලීය සංසදය විසින් සංවිධානය කළ සාකච්ඡා මණ්ඩපයකට සහභාගී වෙමින් සඳහන් කළේය.

ඇමතිවරයාගේ එම ප්‍රකාශය අතිශය නිවැරදිය. අද වන විට දෙරටේ සාකච්ඡා අභ්‍යවකාශය, අධ්‍යාපනය, කෘත්‍රිම බුද්ධිය සහ සෞඛ්‍යය වැනි පරාසයන් රැසක් දක්වා ව්‍යාප්තවී පවතී. එසේම දෙරට අතර පැරණි, සාම්ප්‍රදායික බලශක්ති වෙළඳ ආයෝජන අඛණ්ඩව පවත්වාගෙන යන නමුත් නව න්‍යාය පත්‍රයක් ද ක්‍රියාත්මක වෙමින් පවතී. ඇත්තෙන්ම ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දිගු කාලයක් තිස්සේ දන්නා හඳුනන යාබද කලාප දෙකක රාජ්‍යයන් දෙකකි. එහෙත් සැබවින්ම නැවත දෙරට එකිනෙකා සොයා ගත්තේ 2016 වසරේ සීපා ගිවිසුම පිළිබඳව සාකච්ඡා ආරම්භ වීමත් සමගය. ඉන්දීය විදේශ ඇමති ජයිශංකර් පෙන්වාදෙන ආකාරයට දැන් ඉන්දියා-එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහයෝගීතාව ගොඩනැගී ඇත්තේ වෙනස්කම්වලදී එකිනෙකා මගහැර යෑමට නොව, වෙනස්කම් ධනාත්මකව හැඩගස්වා ගැනීමටය.

ලොව වෙනත් ඕනෑම රටකට වඩා වැඩි සංඛ්‍යාවකින් ඉන්දියානුවෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරති සේවය කරති. එමනිසා දෙරට රජයන් එකිනෙකා සමග සාකච්ඡා කළද, නොකළද ජනතාව හරහා වෙළඳ ගනුදෙනු විශාල වශයෙන් සිදුවේ. දැන් මෙම සීපා ගිවිසුම හරගා මෙම ගනුදෙනුවලටද නිල පිළිගැනීමක් ලැබී ඇති අතර, ඒවා හුදු ප්‍රේෂණ හෝ ලැබීම වෙනුවට දෙරට ජාතික ආර්ථිකයට නිල වශයෙන් එක්වන ද්විපාර්ශ්වික වෙළඳ වටිනාකමක් හිමිව ඇත. දෙරටේ මෙම සම්බන්ධතාවයේ තවත් වැදගත් පැතිකඩක් වන්නේ, ඔවුන්ගේ හවුල්කරුවන් සමඟ මෙම සබඳතාව පුළුල් කිරීමේ හැකියාවයි. එයට පැහැදිලි උදාහරණය ප්‍රංශයයි. මේ වසරේ ප්‍රංශය සමඟ ත්‍රෛපාර්ශ්වික මට්ටමින් වෙළඳ ගනුදෙනු ආරම්භ කිරීමට ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදානම් වේ. එපමණක්ද නොවේ. දෙරට එක්ව සිදුකරන ගෝලීය දකුණේ රාජ්‍යයන් වෙනුවෙන් වූ සහනදායී දායකත්වයන්ද වර්ධනය කිරීමට මෙමගින් අවස්ථාව උදාවී තිබේ. උදාහරණයක් ලෙස ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්ව අප්‍රිකාවේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමට ඇති හැකියාව ගවේෂණය කිරීමට ඒකාබද්ධ සහයෝගීතා වැඩසටහනක් ආරම්භ කිරීමට සුදානම් වීම පෙන්වාදිය හැකිය.

කෙසේවෙතත් මේ සියලු ක්ෂේත්‍ර අතරින් වඩාත් වැදගත් වන්නේ දෙපාර්ශවය අතර පවත්නා බලශක්ති වෙළඳපොළ සම්බන්ධයෙන් වන ගනුදෙනුව බව හඳුනාගත හැකිය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතුව පොසිල ඉන්ධන සම්පත බහුලව පැවතුණද, ඉන්දියාව මෙන්ම මෙම අරාබි රාජ්‍යයද පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව මේ වන විට විශාල අවධානයක් යොමුකර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම විෂය පිළිබඳව කෙතරම් උනන්දුවක් දක්වන්නේදැයි කිවහොත්, එම කැපවීම නිසාම 2023 වසරේ එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස සමුළුවේ(COP28) සභාපතිත්වයද එමීර් රාජ්‍යයට හිමිවිය. විශේෂයෙන් ලෝකය බලශක්තිය, ආහාර සම්බන්ධ දුෂ්කරතා සහ ජල සුරක්ෂිතතාව සමඟ කටයුතු කරන මොහොතක ලැබුණු මෙම තනතුර අතිශය වගකීම්සහගත සහ ධෛර්යය වඩවන්නක් බව, ඒ පිළිබඳව අදහස් දක්වන ඉන්දියාවද ප්‍රකාශ කර ඇත. මෙම අවස්ථාව වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් පවසා ඇත්තේ, බලශක්ති සහ දේශගුණික විපර්යාස පිළිබඳ එමීර් රාජ්‍යය සතුව ඇති පුළුල් අත්දැකීම සාර්ථක ලෙස එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස සමුළුව හමුවේ බෙදාගැනීමට අවස්ථාව උදාවී ඇති බවයි. එසේම ඉන්දියාවට ලැබුණු G20 සංවිධානයේ සභාපතිත්වය සහ එමීර් රාජ්‍යයට ලැබුණු මෙම සහ COP28 සභාපතිත්වය ඒකාබද්ධ කරමින් ගෝලීය යහපත වෙනුවෙන් පියවර ගතහැකි බවද ඇමතිවරයා පෙන්වාදී තිබේ.

ඉන්දියාව මෙන්ම, නමුත් ඊට වඩා විශාල ලෙස, ලොව රටවල් 70ක් පුරා, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 50කට වඩා වියදම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වන විට කටයුතු කර ඇත. එසේම ඉදිරි වසර දහය තුළද අවම වශයෙන් තවත් ඩොලර් බිලියන 50ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට COP28 සභාපතිත්වය හිමිවීම සහ ඉන්දියාව වැනි එම ක්ෂේත්‍රය පිලිබඳ දැඩි උනන්දුවකින් පසුවන රාජ්‍යයක් සමග සමාන ක්ෂේත්‍ර වෙනුවෙන් ගිවිසුම්ගත වීම පිළිබඳව පුදුමයක් නැත.

ඉන්දියාව මෙන්ම, නමුත් ඊට වඩා විශාල ලෙස, ලොව රටවල් 70ක් පුරා, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 50කට වඩා වියදම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වන විට කටයුතු කර ඇත. එසේම ඉදිරි වසර දහය තුළද අවම වශයෙන් තවත් ඩොලර් බිලියන 50ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට COP28 සභාපතිත්වය හිමිවීම සහ ඉන්දියාව වැනි එම ක්ෂේත්‍රය පිලිබඳ දැඩි උනන්දුවකින් පසුවන රාජ්‍යයක් සමග සමාන ක්ෂේත්‍ර වෙනුවෙන් ගිවිසුම්ගත වීම පිළිබඳව පුදුමයක් නැත. අවසානයේ ලොව පස්වන ආර්ථික බලවතා වන ඉන්දියාව සහ අරාබියේ බලවතා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ගොඩනැගෙමින් පවතින මෙම ශක්තිමත් සබඳතා පිළිබඳව සාරාංශයක් ලෙස සඳහන් කළහැක්කේ, මෙම ලෝක බලවතුන් වෙතින් ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින සහ මැදි ආදායම් ලබන රවලට ලබාගත හැකි ඒකාබද්ධවීම් සහ විවධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගිවිසුම්ගතවීම් පිළිබඳ පාඩම් ඕනෑතරම් පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...

සජිත් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාරතමේන්තුවේ ප්‍රධානීන් පිරිසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන සන්ධානයේ නියෝජිතයන් අතර, හමුවක් අද (25) පස්වරුවේ විපක්ෂ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...