25 C
Colombo
Thursday, January 16, 2025

මුජිබර්ගෙන් ජනපතිට ලියුමක්

- Advertisement -

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහිත්ස්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරනවා.

ඔවුන් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස ද මුජිබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී ධිවරයන් විසින් දෙසැම්බර් 19 වැනිදා බේරාගෙන රජයට බාරදීමෙන් පසු මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින එම සරණාගතයන් පිරිස යළිත් මීයන්මාරයට පිටුවහල් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය තම බලවත් කම්පාවට හේතු වන බවද එම ලිපියේ සඳහන් සඳහන් වනවා.

යුද බියෙන් ජීවිත බේරා ගැනීමට පලායන මෙම අසරණයන් 103 දෙනා අතර දරු දැරියන් 40කට වැඩි සංඛ්‍යාවක් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇතැයිද ඔවුන්ගේ අපේක්ෂාව ආරක්ෂිත රටක දේශපාලන රැකවරණ ලබාගැනීම බවද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කරනවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ජනමාධ්‍යට ප්‍රකාශ කර ඇති පරිදි රජයේ සැලසුම ඔවුන් මියන්මාරයටම පිටුවහල් කිරීම බව සඳහන් කරන මන්ත්‍රීවරයා එය මේ සැමදෙනාගේම පමණක් නොව මියන්මාරයේ වෙසෙන ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව සඳහන් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සරණාගත පිරිස නැවත මියන්මාරයට යැවීම යම් රටකදී අනතුරකට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එම රටටම ආපසු යැවීමෙන් වැළකී සිටීමේ (Non-Refoulement) ජාත්‍යන්තර නෛතික මූලධර්මයට ද හරස්ව යාමක් බවයි.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES