26.7 C
Colombo
Saturday, June 14, 2025

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

- Advertisement -

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකුට නිදහස ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනපති වෙත ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි සඳහන්වන පරිදි, 

1. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් මෙහෙයවීම, වගකිව යුතු සියලු පාර්ශවයන් හඳුනාගැනීම සහ අපරාධකරුවන්ට එරෙහිව අවශ්‍ය විනය හෝ නීතිමය පියවර ගැනීම.

2. ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්වල විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම.

නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීමට නීතිඥ සංගමය සූදානමින් සිටින බවත් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය අඛණ්ඩතාවයෙන් හා සාධාරණත්වයෙන් ජනතාවට සේවය කරන බව සහතික කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැපවී සිටින බවත් එම ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES

රත්තරන් වැසිකිළියක් සොරා ගත් දෙදෙනෙකුට එංගලන්ත උසාවියෙන් දඬුවම්

කලා ප්‍රදර්ශනයක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 6.4 ක් වටිනා රන් වැසිකිළියක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම...