26.1 C
Colombo
Sunday, May 18, 2025

මානව හිමිකම් කොමිසමෙන් රජයේ නිලධාරීන්ට ලිපියක්

- Advertisement -

ජනාධිපතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය හෝ අගතියට පත්කෙරෙන අයුරින් ක්‍රියා නොකරන ලෙසට රාජ්‍ය සේවකයන් දැනුවත් කරනැයි ඉල්ලා ජනාධිපති ලේකම්වරයා ප්‍රමුඛ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දැනුම්දීම කර තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සිය වගකීම ඉටුකරන්නේදැයි මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධීක්ෂණය කරනු ලබන බව පවසමින් එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ අත්සනින් යුතුව මෙම දැනුම්දීම කර තිබෙන බව පැවසෙනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම මූලික අයිතිවාසිකමක් බැවින් ඡන්ද විමසීමක් සිදු කරන අවස්ථාවක මැතිවරණය රටේ පවතින සෙසු නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කිරීමට වගබලා ගැනීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවත් ඔවුන් එම නීතිවලට අනුකූලව සාධාරණ හා අපක්ෂපාතීව සිය රාජකාරි ඉටු කළ යුතු බවත් එහි අවධාරණය කර තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින නීතිමය වගකීමක් අයුතු ලෙස යොදා ගැනීම හෝ නීතිමය සීමාව ඉක්මවා ක්‍රියා කිරීම මෙන්ම කළ යුතු කාර්යන් නොකර සිටීම ද සාධාරණ හේතුවක් නැතිව පැහැර හැරීම ද අනවශ්‍ය ලෙස පමා කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිමක් බව මානව හිමිකම් කොමිසම පවසනවා.

ඒ අනුව, එවැනි අවස්ථාවක ඔවුන්ට විරුද්ධව විමර්ශන හා පරීක්ෂණ පැවැත්වීමට මානව හිමිකම් කොමිෂන් සභාවට බලය තිබෙන බව ද එහි සඳහන්.

එසේ නීති ප්‍රකාරව කටයුතු නොකිරීමෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝණයකදී රජයේ වගකීමට අමතරව එම නිලධාරීන් පෞද්ගලිකවම වගකීම් දැරිය යුතු බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙලා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ මහතා එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන්...

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

POPULAR ARTICLES