27 C
Colombo
Wednesday, July 17, 2024

මැතිවරණ කොමිසමට සජබෙන් ලිපියක්

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් රජය, පොලිස් නිලධාරීන් මැතිවරණ ප්‍රචාරක රැළි සඳහා යොදවන බවත් රාජ්‍ය මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට උත්සාහ දරන බවත් පවසමින් සමඟි ජන බලවේගය මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙනවා.

එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින් යුතු එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් වැඩමුළු පැවැත්වීම සදහා යැයි පවසමින් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් සහභාගී වන රැස්වීම් සූදානම් කර ඇති බවයි.

එමෙන්ම, මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අවස්ථාවක මුද්‍රණාලයේ සේවකයන් අතර ව්‍යාකූලතාවයක් ඇති කොට මැතිවරණ කටයුතු සඳහා බාධා පැමිණවීමට රජය උත්සාහ කරන බවද අදාළ ලිපියේ සඳහන්.

ඒ අනුව, මෙම අකටයුතුකම් සඳහා අවධානය යොමු කරන ලෙස සමඟි ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී වෙඩිතැබිමක් සිදු තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නිවස ඉදිරිපිටදී 41ක් හැවිරිදි පුද්ගලයෙකුව එලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවයි. වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය...

පොහොට්ටු ලකුණින් අපේක්ෂකයෙක් ඉන්නවා -සංජීව

ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම පොහොට්ටුව ලකුණින් ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයෙකු සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. ඒ,අද (16) අද රාජගිරිය...

ලබන මාසයේ එන ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත

ලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා එහි කොමසාරිස් ජනරාල් ප්‍රදිප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ ජාතික හැඳුනුම්පත භාවිතා...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

ස්ට්‍රයික් එක ගැන අනුරයි ලාල්කාන්තයි මත දෙකක

මේ වන විට වැඩකරන ජනතාව විසින් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ග සාධාරණ බවත් ඒවා මැතිවරණ සමයකදී හෝ අයවැය සමයකදී හෝ වෙනත් ඕනෑම සමයකදී ආරම්භ...