29 C
Colombo
Sunday, October 1, 2023

කලුකඩ විදෙස් මුදල් ගනුදෙනු කරන්නන්ගේ බලපත්‍ර අහෝසියි – මහබැංකුව

- Advertisement -

බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත වලට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන මුදල් හුවමාරු කරුවන්ගේ බලපත්‍ර අවලංගු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනවා

නිවේදනයක් නිකුත් කරමින් එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එලෙස යම් මුදලක් හුවමාරු කරන්නෙකු ගනුදෙනුවකදී බලපත්‍රලාභී බැංකුවලට වඩා ඉහල විනිමය අනුපාත ලබාදෙන අවස්ථා පිළිබඳව තමන් දැනුවත් කරන ලෙසයි.

ඒ සඳහා 0112 398 523 හා 0112 398 827, 0112 477 375, 0112 398 568 යන දුරකථන අංක ඔස්සේ ඇමතුම් ලබා දිය හැකි අතර, [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේද තොරතුරු යොමු කළ හැකියි.


RECENT ARTICLES - SINHALA

ක්‍රිකට් ගැන බලන්න ජාත්‍යන්තර කමිටුවක්

ක්‍රිකට් සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා. සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ යන මහත්වරුන්ගෙන්...

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...