25 C
Colombo
Friday, March 29, 2024

එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට ලුතිනන් කර්නල්වරයෙක් අත්අඩංගුවට

- Advertisement -

තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ලුතිනන් කර්නල්වරයා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් මට්ටක්කුලිය බුද්ධි කඳවුරේ සෙබළුන් 13 දෙනෙකු සහ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාම නිලධාරිනිය ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඝාතනයට ලක් වූ එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන මට්ටක්කුලිය – සමිට්ෙපුර ග්‍රාම නිලධාරිනිය තම සැමියා අතුරුදන් ව ඇති බවට පොලීසියට පැමිණිලි කර තිබු පසුබිමක පසුගිය අගෝස්තු මස 20 වැනි දා මෝදර කාකදූපතට නාදුනන මළ සිරුරක් ගොඩ ගසා තිබුණා.

පසුව අනාවරණ වුණේ, හමු වූ මළ සිරුර මෙම කාන්තාවගේ සැමියා වන තොටළඟ – අරුණ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායක අකිල සම්පත්ගේ බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ – උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ – උතුර පොලිස් විශේෂ කාර්යාංශ ඒකකය විමර්ශනයක් ආරම්භ කළා.

පසුව හෙළිව තිබුණේ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ ගැමුණුහේවා බලකායේ මෝදර කදවුරට අනුයුක්ත බුද්ධි නිලධාරියෙකු වන කෝප්‍රල්වරයෙකු සමග අනියම් සබදතාවක් පවත්වා ඇති බවයි.

ඒ අනුව අදාළ කාන්තාව මුලින් අත්අඩංගුවට ගැනුණු අතර එහි දී ඇය විසින්, අදාළ බුද්ධි නිලධාරියා ඇතුළු හමුදා සාමාජිකයින් පිරිසක් විසින් තම සැමියා ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 16 වන දා යුද හමුදා රථයකින් මෙලෙස පැහැර ගැනුණු එල්ලේ ක්‍රීඩකයාගේ සිරුර කළු ගල් පිරවූ බෑගයක ගැට ගසා මෙම හමුදා සාමාජිකයින් විසින් පෑලියගොඩ – කළු පාලමෙන් කැලණි ගඟට දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ග්‍රාම නිලධාරී කාන්තාව සමග අනියම් සබදතා පැවැත්වූ යුද හමුදා බුද්ධි නිලධාරියා විසින් එල්ලේ ක්‍රීඩකයාව ඝාතනයට පෙර හමුදා කදවුරේ අණ දෙන නිලධාරියා දැනුවත් කර ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුවෙකු හමුදා නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට සූදානමින් සිටින බවටයි.

ඒ අනුව ඔහුව ඝාතනය කිරීමට එම කදවුරේ අණ දෙන නිලධාරියා ද අනුබල දී ඇති බවට බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු ව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...