මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්වන පියුම් හස්තික නොහොත් පියුමා නැමැත්තාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව ඔහුගේ නීතිඥවරිය විසින් අද (01) අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.
ඒ අනුව මීළඟ නඩු දිනය වෙනුවෙන් සැකකරුව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරිය ,බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර ඇත්තේ.
සළිදු මල්සික ගුණරත්න හෙවත් කුඩු සළිඳු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවු ප්‍රධානතම ගෝලයා බවට සැලකෙන පියුම් හස්තික හෙවත් පියුමා නැමැත්තා ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන පසුගිය පෙබරවාරි මස 15 වැනිදා මෙරටට රැගෙන ආවා.
ඔහු මේ වන විට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින අතර, ඊට අදාළ නඩු විභාගය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි සිදුකෙරුණා.
එහිදි පියුමා නැමැත්තා වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සිය සේවාදායකයාවන පියුම් හස්තිකගේ ජීවිතයට මීගමුව බන්ධනාගාරය තුළදී තර්ජනයක් එල්ලවිය හැකි බවයි.
ඩුබායිහි වෙසෙන පාතාල කල්ලි සාමාජිකයෙකුවන හීනටියන මහේෂ්ගේ ගෝලයින් කිහිපදෙනෙක් මේ වන විට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බවත්, ඔවුන් විසින් පියුමා නැමැත්තාට මරණ තර්ජන එල්ලකර ඇති බවත්, නීතිඥවරිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
කරුණු විමසා බැලු කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේ මීළඟ නඩු දිනය තෙක් පියුම් හස්තික නැමැත්තා මැගසින් බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටයි.