27.4 C
Colombo
Wednesday, June 7, 2023

රෝයල් මැච් එක වගේ රටත් දිනවනවා – රනිල්

- Advertisement -

සියලු තරඟ පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත්‍කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූ බවත්, තමාගේද උත්සාහය වන්නේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමින්.

පසුගිය ජූලි මාසයේ දී තමා රට භාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර, එය බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බවද කියා සිටියා.

නමුත් එම තත්ත්වය වෙනස් කර, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට පසුගිය මාස 07 තුළ තම කණ්ඩායමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බවද අවධාරණය කළා.

ඉදිරි වසර දෙක තුළ දියුණු වන රටක් සියලුදෙනාට දැක බලා ගත හැකි බවත්, කලාපයේ වඩාත් සෞභාග්‍යමත් රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම සඳහා අද දවසේ ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ආර්ථිකය ගොඩනැඟීම ද සිදු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ 2048 වන විට ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් බවට පත්කිරීමේ 25 වසරක සැලැස්ම මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙන අතර, එය සාර්ථක කර ගත හැක්කේ වත්මන් තරුණ පරපුරේ කැපවීම මත බවයි.

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...