32 C
Colombo
Sunday, March 16, 2025

ඩීසල් නිකුත් කිරීම සීමා කෙරේ

- Advertisement -

දිනපතා ඩීසල් නිකුත් කිරීම ක්‍රමිකව සීමා කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

ඩොලර් හිඟය නැතිවුවහොත් තෙල් හිඟයද නැතිවනු ඇති බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දැනට අපි ගාව ඩීසල් මෙට්‍රික් ටොන් 22000ක් තියෙනවා. දවස් හතරකට වගේ ප්‍රමණවත් ගාණක් තියෙනවා. හෙට හවස නැවක් පැමිණීමට නියමිතයි. අපි දැන් තීරණය කරලා තියෙනවා දවසකට මෙට්‍රික් ටොන් උපරිමය 5000යි, ඊළඟට මම හිතන්නේ හෙට ඉදන් 3000යි යනාදී වශයෙන් අපි සීමා කරල තමයි නිකුත් කරන්නේ.

ඩොලර් හිඟය නැතිවුණොත් තෙල් හිඟය නැති වෙනවා. මහ බැංකුවේ විශ්ලේෂණය අනුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් බිලියන 6ක් වියදම් කරලා තියෙනවා. ඒ ඇතුළේ පානීය ජලය, කුරක්කනුත් තිබ්බා කියනවා, පරිප්පු ආනයනයට ඩොලර් මිලියන 400ක්, ඇපල්, මිදි, දොඩම්. ඇහුවම කියන්නේ සංචාරකයන් මේවා ඉල්ලනවා කියලා.

ඇපල් මිදි තිබ්බොත් කයි. නැති වුණොත් සංචාරකයා එයි. සංචාරකයා ඇවිල්ලා පැය හතරක් කලුවරේ නම් ඉන්නේ එයාට රට බලන්න යන්න ඉන්ධන නැතිව හෝටලේට වෙලා තමන්ගේ නිවාඩුව ගත කරන්න වෙනවනම් ඒ සංචාරකයා ආයේ ලංකාවට එන්නේ නෑ.

එහෙනම් අපි ප්‍රමුඛතා හඳුනා ගන්න ඕන.ඇපල් කාලා කලුවරේ ඉන්නවද? පිට රට වතුර බීලා තෙල් නැතිව ගමන් යන්නේ නැතිව හිරවෙලා ඉන්නවද කියලා මේ රටේ ජනතාවට තීන්දුවක් ගන්න වෙනවා.”

අපි ජනතාව අන්දන්න උත්සාහ කළොත් මහා ව්‍යවසනයක් හමුවේ ඉන්නේ”

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

POPULAR ARTICLES