නත්තල් දිනයේ (25) දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත්, එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ මෙම දිනය තුළ සංචාරකයන්ගේ පහසුව උදෙසා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරුපන්තියේ හෝටල්වල සුරාසැල් විවෘතව තැබිය හැකි බවයි.
මේ අතර, උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය යෙදෙන ලබන අඟහරුවාදා දිනයේදී (26) එම ආයතනද ඇතුලුව සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම් දෙනවා.