26 C
Colombo
Friday, December 8, 2023

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

- Advertisement -

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර තිබෙනවා.

තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා, සුරාබදු නියාමකවරුන් දෙදෙනෙකුගේ සහ සුරාබදු නියාමක රියදුරකුගේ මෙලෙස වැඩ තහනම් කරනු ලැබුවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම සිදුකර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සොයා බලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට වැඩිදුරටත් උපදෙස්දී තිබෙන බව සඳහන්.

වලස්මුල්ලේ බීඩි නිෂ්පාදකයකුගේ  බලපත්‍රය ඉකුත් ජුනි 26 වැනිදායින් අවසන්වීම හේතුවෙන්  ඉකුත් 18 වැනිදා තංගල්ල සුරාබදු ඒකකයේ  ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් නිෂ්පාදකයාට නඩු පවරන බව පවසා තිබෙනවා.

නඩු නොපවරා  සිදුවිම විසඳා දීමට  රුපියල් ලක්ෂ 14ක මුදලක් බීඩි නිෂ්පාදකයන් ඉල්ලා තිබූ බවත් බීඩි ව්‍යාපාරිකයා ඊට විරෝධය පළ කර තිබූ බවත් පොලිස්  පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වි තිබුණා.

ඉන් අනතුරුව බීඩි ව්‍යාපාරිකයා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබ ගත් බව ඔහු පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...