30 C
Colombo
Monday, May 29, 2023

ළඟදීම තහනම් වන ප්ලාස්ටික් නිෂ්පාදන ලැයිස්තුව

- Advertisement -

භාවිතයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත පොලිතීන් හා ප්ලාස්ටික් දෙවන ලැයිස්තුවට අයත් නිෂ්පාදන කඩිනමින් තහනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙන බව පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පරිසර අමාත්‍යාංශය විසින් තහනම් කිරීමට නියමිත දෙවන ලැයිස්තුවට ඇතුළත් නිර්දේශ කර ඇති පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පහතින් දැක්වේ.

01. කමිස ඇසුරුම්වල ඇති Shirt Clip.

02. එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි ආහාර පෙට්ටි, යෝගට් / අයිස්ක්‍රිම් හැඳි, ආහාර ඇසුරුම් හා කෝප්ප, පිඟන්.

03. පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සකසන ලද පොස්ටර්, දැන්වීම්, කටවුට් හා විවිධ මාදිලියේ දැන්වීම්.

04. . එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන බීම බට (Straws) හා බීම කළතන (Stirrers).

05. මිලිමීටර් 400 -500 දක්වා පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ සිලි සිලි බෑග් හා ෂොපිං බෑග් හා ග්‍රොසරි බෑග්.

06. PET හා PVCවලින් නිෂ්පාදිත මි.ලී 400ට අඩු කුඩා බෝතල්.

07. හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම.

08. පලතුරු හා එළවළු තැලීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන Foof Wrappers.

09. ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු හෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇට (Bead) අඩංගු පුද්ගලික සෞඛ්‍යරක්ෂණ ආලේපණ Personnal care Products.

10. උණුසුම් ආහාර ද්‍රව්‍ය පිරිනැමීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය .එනම්, ඉඳිආප්ප තට්ටු, ප්ලාස්ටික් හැඳි හා කෝප්ප යනාදිය.

11. PET හා PVCවලින් නිෂ්පාදිත මි.ලී 750ට අඩු ප්‍රමාණයේ බෝතල්.

මෙම සියලුම භාණ්ඩ නිපදවීම සඳහා පරිසර හිතකාමී විකල්ප ද්‍රව්‍ය හඳුන්වා දීමට ද කටයුතු යොදා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

RECENT ARTICLES - SINHALA

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත...

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.