29 C
Colombo
Saturday, January 18, 2025

මගීන්ගේ ආරක්ෂාවට අයිතිවාසිකම් ලැයිස්තුවක්

- Advertisement -

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනූව, බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍ර වල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභා වලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ දී අඩංගු කොන්දේසි සියල්ල එක්කර ගනිමින් මෙම  මගී අයිතිවාසිකම් ලැයිස්තුව පිළියෙළ කිරීමට කටයුතු කෙරෙන බව වාර්තා වනවා.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ මහතා සඳහන් කළේ, මෙම කරුණු සම්බන්ධයෙන් බස් රථ සංගම් සහ මගී සංගම් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි.

පෞද්ගලික බස් රථ රියදුරන්ගේ සහ කොන්දස්තරවරුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා අවශ්‍ය වන කටයුතු ද මේ වන විට සකස්කරමින් පවතින බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

POPULAR ARTICLES