පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීම වෙනුවට ඔවුන් සඳහා දේශීය වෛද්‍ය සභාවක් වෙනම පිහිටුවීමට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කටයුතු කරමින් සිටින බවට ආයුර්වේද වෛද්‍යවරු චෝදනා කරති.
පාරම්පරික වෛද්‍ය නාමයෙන් පෙනී සිටිමින් විද්‍යාත්මකභාවයෙන් තොර වෙළෙඳාම් කරන්නන්ට එරෙහිව ආයුර්වේද වෛද්‍ය සභාව ක්‍රියා කිරීම මෙවැනි පියවරකට යෑමට හේතු වී ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘නිව්ස්19’ වෙත අද(6) පැවැසීය.
ධම්මික බණ්ඩාර නමැත්තෙකු කොවිඞ් මර්දනයට සොයාගත් බව කියන ඖෂධ සංයෝගය දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික කමිටුව විසින් ප්‍රශ්න කරනු ලැබ ඇතැයි ද එහිදී ඔහු එම සංයෝගය දෙවියන්ගෙන් ලැබුණු එකක් බව පවසා ඇතැයි ද එම නිලධාරියා කීය.
අදාළ සංයෝගයට කමිටු අනුමැතිය ලැබී ඇත්තේ ආහාර අතිරේකයක් හැටියට පමණක් යැයි කී හෙතෙම මේ නිසා ආයුර්වේද වෛද්‍ය සභාව ඉලක්ක කරගෙන දේශපාලන විවේචන කිරීමට ඇතැමුන් කටයුතු කිරීම කනගාටුවට කරුණක් යැයි ද කීය.
කොවිඞ් මර්දනයට මුවා වී කූට වෙළෙඳුන් හා ජාවාරම්කරුවන් ඖෂධ නමින් ව්‍යාජ සංයෝග ඉදිරිපත් කිරීම බරපතල යැයි ද රජය කළයුත්තේ එවැනි දේ ගැන සොයාබැලීම මිස ඊට උඩගෙඩි දීම නොවන්නේ යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
තව කියවන්න
- ජනතාවට කන්න නැතිව සිටයදී කාශ්මීර ජනාධිපතිත් රුපියල් කෝටි 10 ක මෝටර් රථයක් මිලදී අරන්
- ඉන්දීය මහ බැංකුව මාස්ටර්කාඩ් ව්‍යාපාරික සීමාවන් ඉවත් කරයි
- මාධ්‍ය ක්රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්
- චීනයේ ව්‍යාපාරික ප්‍රජාව ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය විවේචනය කරයි
- වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!
- ඉන්දියාවෙන් මෙරටට බිලියන 3ක තවත් මානුෂීය ආධාර තොගයක්..!