24 C
Colombo
Sunday, January 19, 2025

පළාත් පාලන මැතිවරණය අවුරුද්දට කලින් – ජනපති

- Advertisement -

ලබන වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා .

ඉන්දීය සංචාරයෙන් අනතුරුව මහනුවරට පැමිණි ජනපති අනුර කුමාර දිසානයක මහතා ඊයේ (20) පස්වරුවේ මල්වතු මහ විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි බැහැ දැක ආශිර්වාද ලබා උන් වහන්සේ සමඟ සාකච්ඡාවක නිරත වී තිබුණා.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පලාත් පාලන ඡන්දය සඳහා පෙර නාම යෝජනා කැඳවූ නමුත් එම පක්ෂ සන්ධාන විසිරී ගොස් ඇති බැවින් යළි නාම යෝජනා කැඳවීම සඳහා නව නාම යෝජනා කැඳවීමේ පනතක් සකස් කොට ඇති බවයි.

ඒ අනුව, නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, ඉන්දියාව සමඟ කළ සාකච්ඡා සාර්ථක මට්ටමේ පවතින බවත් ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු විදේශ කටයුතු අමාත්‍යවරයා මහජනය හමුවේ විවෘතව ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් සඳහන් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES